Friday, January 13, 2017

ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්තිය ඉටුකිරීම - S.K Manchanayaka

සිංහල හින්දු අළුත් අවුරුදු චාරිත්‍ර අතර සංක්‍රාන්ති කාලය යැයි විශේෂ කාලයක් ජ්‍යෝතීර්වේදීන් විසින් නම්කර පුරාතනයේ සිට පැවත එයි. මෙය ඉතා වැදගත් අවස්ථාවක් ලෙස සලකනු ලබන අතර ගෙවී ගිය වර්ෂයේ සිදුකල සියළු වැඩකටයතු අතහැර නැවත අළුතින් එම වැඩකටයුතු ආරම්භ කිරීමට සූදානම් වීම මෙමගින් සිදුකරනු ලබයි. සිංහල චාරිත්‍රයන් සේම හින්දු ආගමික චාර්ත්‍ර අතර ද මෙවැනි විශේෂ අවස්ථා පවතී. එමෙන්ම ඉස්ලාම් භක්තිකයන් ද තම උපවාස කාලය ජීවිතයේ ඉතා වැදගත් කාලයක් ලෙස සලකනු ලබයි. මේ නිසා ශ්‍රී ලංකාවේ ජීවත්වන විවිද ආගම්වලට අයත් ජනතාවට සංක්‍රාන්තික කාලය පිළිබද සමීප අත්දැකීමක් පවතී. 

විශේෂයෙන්ම එම කාලය ඔවුන්ගේ ජීවිතයේ  ඉතා වැදගත් කොටසක් ලෙස සලකා කටයුතු කරනු ලබයි.
කෙසේ වුද මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්තිය නැමති යෙදුම පිළිබදව පුළුල් සාකච්ඡාවකට ලක්ව තිබේ. දශක තුනකට ආසන්න කාලයක් පැවති යුධමය වාතාවරණය නිම වීමෙන් පසුව එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීම සදහා අවශ්‍ය පියවර ගැනීම මෙම සංක්‍රාන්ති යුක්තිය නැමති යෙදුමෙන් හදුන්වනු ලබයි.

සත්‍යවශයෙන්ම සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය කුමක්ද යන්න පොදු මහජනාතාවට නිසි අවබෝධයක් නොමැත. එම අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් දකුණ සහ ඌව පළාතේ පුවත් පත් කලාවේදීන් වෙනුවෙන් ජනමාධ්‍ය පුහුණු වැඩමුළුවක් පසුගියදා මාතරදී පවත්වන්ට යෙදුනි. මෙම පුහුණු වැඩසටහන ප්‍රතිභා මාධ්‍ය ජාලය මගින් සංවිධානය කරන ලද අතර සංක්‍රාන්ති යුක්තිය හා ජනමාධ්‍යයේ කාර්ය භාරය පිළිබදව පුළුල් අවබෝධයක් මෙම පුහුණු වැඩසටහන තුලින් ලබා දීමට කටයුතු යොදා තිබුනි. 

No comments:

Post a Comment