Tuesday, December 13, 2016

ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්තිය ඉටුකිරීම - සටහන, කපිල රාමනායක (සංස්කාරක මණ්ඩල සාමාජික - විපරම ප්‍රාදේශීය පුවත්පත)



සිංහල හින්දු අළුත් අවුරුදු චාරිත්‍ර අතර සංක්‍රාන්ති කාලය යැයි විශේෂ කාලයක් ජ්‍යෝතීර්වේදීන් විසින් නම්කර පුරාතනයේ සිට පැවත එයි. මෙය ඉතා වැදගත් අවස්ථාවක් ලෙස සලකනු ලබන අතර ගෙවී ගිය වර්ෂයේ සිදුකල සියළු වැඩකටයතු අතහැර නැවත අළුතින් එම වැඩකටයුතු ආරම්භ කිරීමට සූදානම් වීම මෙමගින් සිදුකරනු ලබයි. සිංහල චාරිත්‍රයන් සේම හින්දු ආගමික චාර්ත්‍ර අතර ද මෙවැනි විශේෂ අවස්ථා පවතී. එමෙන්ම ඉස්ලාම් භක්තිකයන් ද තම උපවාස කාලය ජීවිතයේ ඉතා වැදගත් කාලයක් ලෙස සලකනු ලබයි. මේ නිසා ශ්‍රී ලංකාවේ ජීවත්වන විවිද ආගම්වලට අයත් ජනතාවට සංක්‍රාන්තික කාලය පිළිබද සමීප අත්දැකීමක් පවතී. විශේෂයෙන්ම එම කාලය ඔවුන්ගේ ජීවිතයේ  ඉතා වැදගත් කොටසක් ලෙස සලකා කටයුතු කරනු ලබයි.


කෙසේ වුද මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්තිය නැමති යෙදුම පිළිබදව පුළුල් සාකච්ඡාවකට ලක්ව තිබේ. දශක තුනකට ආසන්න කාලයක් පැවති යුධමය වාතාවරණය නිම වීමෙන් පසුව එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීම සදහා අවශ්‍ය පියවර ගැනීම මෙම සංක්‍රාන්ති යුක්තිය නැමති යෙදුමෙන් හදුන්වනු ලබයි.
සත්‍යවශයෙන්ම සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය කුමක්ද යන්න පොදු මහජනාතාවට නිසි අවබෝධයක් නොමැත. එම අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් දකුණ සහ ඌව පළාතේ පුවත් පත් කලාවේදීන් වෙනුවෙන් ජනමාධ්‍ය පුහුණු වැඩමුළුවක් පසුගියදා මාතරදී පවත්වන්ට යෙදුනි. මෙම පුහුණු වැඩසටහන ප්‍රතිභා මාධ්‍ය ජාලය මගින් සංවිධානය කරන ලද අතර සංක්‍රාන්ති යුක්තිය හා ජනමාධ්‍යයේ කාර්ය භාරය පිළිබදව පුළුල් අවබෝධයක් මෙම පුහුණු වැඩසටහන තුලින් ලබා දීමට කටයුතු යොදා තිබුනි.
තිස්වසරකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද්ධයෙන් කිසිවකුත් ජයග්‍රහනය කලේ නැත. යුද්ධය නිසා දහස් ගණනක් ජීවිත අහිමිවිය. එය උතුරටත්, දකුනටත් පොදු වූ දෙයක් විය. කෝටි ගණනින් වටිනා දේපල හානියට පත්විය. මේ පිළිබදව සොයා බලන විට යුද්ධය නිසා ජයග්‍රහණය ලැබූයැයි කිසිවකුටවත් පැවසිය නොහැකිය.

කෙසේ වුද දැන් යුද්ධය නිමවී වසර ගණනක් ගෙවී ගොස් අවසන් වී ඇත. දැන් සිදුකල යුත්තේ එවැනි යුධවාදී වාතාවරණයක් රට තුල ඇති නොවීමට වග බලා ගැනීමයි. එමෙන්ම යුද්ධය නිසා හෝ වෙනත් මර්ධන කාරී ක්‍රියාවන් හමුවේ මිය ගිය, අබාධිත වූ සහ අතුරුදහන් වූ ප්‍රජාවගේ පවුලේ සෙසු සාමාජිකයන්ට තම පවුලේ සමීප හිතවතාට සිදු දේ සත්‍ය වශයෙන්ම දැනගැනීමට අයිතියක් ඇති. එය අනිවාර්යෙන්ම සිදුවිය යුතු දෙයකි. ඒ වගේම යුධවාදී වාතාවරණය හමුවේ පීඩාවට පත් ප්‍රජාවට වන්දි ලබාගැනීමට අයිතියක් ඇත. එමෙන්ම එවැනි ක්‍රියාවන් හමුවේ අසාධාරණයට මුහුණ දුන් ප්‍රජාවට සාධාරණ සහනයක් ලබා ගැනීමට ද අයිතියක් ඇත. ඒ යටතේ සිදුවූ සිදුවීම් පිළිබදව විමර්ශණය කිර නඩු පැවරීම රජය සතුව තිබෙන ප්‍රධාන වගකීමකි. කෙසේ වුවද පෙර සදහන් කල පරිදි දැන් යුද්ධය නිමා වී අවසන්ව ඇත. එම නිසා එවැනි ක්‍රියා නැවත සිදුනොවීමට සියළුම පාර්ශවයන් වගබලා ගැනීමද සිදුකල යුතුවේ. එය එසේ සිදුවුව හොත් ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය පිළිබදව අපට ද අනාගතයේදී තවත් බොහෝ දෑ පැවසීමට හැකිවනු නිසැකය. 


No comments:

Post a Comment